හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහළට ඇතුළත් කරයි

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (22) නියෝග කළ අතර, ඔහු මේ වන තුරු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *