රනිල් වෙනුවෙන් හිටපු ජනාධිපතිවරුන්ගෙන් අද විශේෂ මාධ්‍ය හමුවක්

දැනට රක්ෂිත බන්ධනාගාර ගතිවී සිටින රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හිටපු ජනාධිපතිවරුන් එකතු වී විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
මේ මාධ්‍ය හමුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක්ම සහභාගි වීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත්වී ඇති අතර මෙහිදී සාකච්ඡා කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටීමටයි.

මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දයාසිරි ජයසේකර, තලතා අතුකෝරල, රුවන් විජේවර්ධන, මනෝ ගනේෂන් ,පී .දිගම්බරම්, රිෂාඩ් බදුයිදීන්, රවුෆ් හකීම්,අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන ,සාගල රත්නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් සහභාගි වී තිබෙනවා.

මීට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ,හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද මේ සඳහා සහාය ලබා දෙන බව වාර්තා වෙනවා.

හෙට පැවැත්වෙන මාධ්‍ය හමුවට ඔවුන් සහභාගී නොවුණද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින බව එම හිටපු ජනාධිපතිවරුන් දන්වා ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *