රනිල්ගේ නඩුව හොඳ ඉඟියක්, හොඳ පූර්වාදර්ශයක් – නීතිඥ ප්‍රතිභා මහානාමහේවා

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව නඩු පැවරීම ඉතාම දුර්ලභ තත්ත්වයක්. මේක හොඳ ඉඟියක්, හොඳ පූර්වාදර්ශයක් යැයි නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

පොදු දේපළ යටතේ මේ මුදල් අවභාවිතය එක ජනාධිපතිවරයකුට නොවෙයි හිටපු ජනාධිපතිවරුන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට හෝ ඕනෑම කෙනකුට අදාළ විය හැකියි.

මේක හොඳ පූර්වාදර්ශයක් වීම නිසා අද ලෝකයේම ප්‍රවෘත්තියක් බවට පත්වෙලා.

පිලිපීනයේ මේ වගේ තත්ත්වයන් බොහෝ කල් ගිහිල්ලයි සිදුවුණේ. අඩු ගානේ ඉන්දියාවේවත් මෙවැනි තත්ත්වයක් ඇතිවී නෑ. එක් වරක්, ඉන්දීය අග්‍රාමාත්‍යවරියක වූ ඉන්දිරා ගාන්ධි අත්අඩංගුවට ගැනීම සිදුවුණා. ඒ නිසා ලෝකය මෙය දකින්නේ සාමාන්‍ය සිද්ධියක් හැටියටයි.

අපි සියලුදෙනාම අධිකරණ ක්‍රියාවලියට ඉඩ දෙන්න ඕනෑ. අධිකරණ ක්‍රියාවලියකින් තමයි නීතියේ බලය පිළිබිඹු වන්නේ. කාටවත් නීතියේ බලය අතට ගන්න බෑ.

1978 හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 – 1 වගන්තිය ලංකා ඉතිහාසයේ මේ ප්‍රථම වතාවටයි ක්‍රියාත්මක වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *