කොළඹ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අත්අඩංගුවට ගනියි

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද උදෑසන් අත්අඩංගුවට ගෙන තිබේ. 

අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ ගේ බිරිද ඇත-ුළු අට දෙනෙක-ු මීට පෙර, අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නිධන් හෑරීමට දැරූ උත්සාහයක් සම්බන්ධයෙනි. 

සිය බිරිද නිධන් හෑරීමට යන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කල්තියා දැනන් සිට ඇති අතර, ඇය ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර පොලිස් ප්‍රධානීන්ට බලපෑම් කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. 

බිරිද නිධන් හාරන අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අනුරාධපුරයේ සිට ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *