හිරු නාලිකාවට එරෙහිව නිතීමය පියවර ගන්න අගමැති හරිනි අමරසූරිය තීරණය කරයි

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ “අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්” යනුවෙන් හිරු මාධ්‍ය ජාලය විසින් පළ කරන ලද ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බවයි.

මෙම අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. මාධ්‍ය වාර්තාකරණයේදී වගකීමකින් යුතුව කටයුතු කරන ලෙසත්, අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් වළකින ලෙසත් අග්‍රාමාත්‍ය කාර්යාලය සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *