බලය, ධනය ඉස්ස­රහ නීතිය නොනැ­මෙන බව පළමු වතා­වට ජනතාව තේරුම් අරන් – ඇමති නලින්ද ජයතිස්ස

බලය, ධනය ඉස්ස­රහ නීතිය නැමෙ­න්නැති බව ජන­තා­වට පළමු වැනි වතා­වට පේන්න අර­ගෙන තිබෙන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. රනිල් වික්‍ර­ම­සිංහ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගාර ගත කිරීම සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ව­ලට පෙරේදා (24) පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව අධි­ක­ර­ණය සහ පරී­ක්ෂණ ගැන ජන­තා­වට විස්වා­ස­යක් එමින් පව­තින බව ද හෙතෙම කීවේය. මේගොල්ලෝ ඔක්කොම එක වල්ලේ පොල් වගේ සහ එක අත්තේ වහල ඉන්න කරුල්ලෝ ටික වගේ යන්න මනාව තේරු­ම්ගත හැකි බව ද ඒ මහතා කියා සිටි­යේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

“පසු­ගිය කාල­යක් පුරා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කරන ලද පරී­ක්ෂ­ණ­වල ප්‍රති­ඵ­ල­යක් විදි­යට අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරලා අධි­ක­ර­ණ­යෙන් තමයි රනිල් වික්‍ර­ම­සිංහ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන්න කියලා තීර­ණ­යක් ලබාදී තිබෙන්නේ. කවුරු හරි අභි­යෝග කර­නවා නම්, ඇප ලබා නොදීම, බන්ධ­නා­ගා­ර­ගත කිරීම වැරැදි කියලා ඒ අයට පුළු­වන් අධි­ක­ර­ණයේ කරුණු ඉදි­රි­පත් කරන්න.

නිමල් සිරි­පාල ද සිල්වට හරි, නාමල් රාජ­ප­ක්ෂට හරි, දයා­සිරි ජය­සේ­ක­රට හරි නීති, කබාය දාගෙන ඇවිත් ඔය එළියේ මාධ්‍ය වෙත දෙන වොයිස් කට් උසා­වි­යේදි කිව්ව නම් හරි. කරුණු තිබෙ­නව නම් රනිල් වික්‍ර­ම­සිංහ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට ඇප ලබා නොදීම වැරැදි කියන කරුණු උසා­වි­යට ඉදි­රි­පත් කරන්න පුළු­වන්. මාධ්‍ය­යට කියලා වැඩක් නැහැ. ඒ වගේම සුපු­රුදු පරිදි බන්ධ­නා­ගා­ර­ගත කළාට පස්සේ බන්ධ­නා­ගාර රෝහ­ලට ගියා.

රෝහ­ලේදි යම් යම් පැමි­ණිලි කළ නිසා ජාතික රෝහ­ලට ඇතු­ළත් කරලා තිබෙ­නවා. වෛද්‍ය­වරු ඒ ගැන පරී­ක්ෂණ කර­ගෙන යනවා. විශේ­ෂඥ වෛද්‍ය­වරු ඊට මැදි­හත් වෙලා ඉන්නවා. තව මාස කිහි­ප­ය­කින් ජනා­ධි­පති වෙනවා කියන පුද්ග­ල­යට තමයි මේ අස­නීප ගොඩක් තිබෙන්නේ. රජයේ වග­කීම තමයි ඒ අස­නීප දිහා බලලා එතු­මට හොඳ ප්‍රති­කාර කරලා එතු­මගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවල දෙන එක. රජය විදි­යට අපි ඒ වැඩේ කර­නවා.

එයා ජනා­ධි­පති හරි, දේශ­පා­ලන නාය­කයා හරි කරන්න ගිය අය තේරුම් ගන්න ඕන මොන වගේ කෙනෙක් ද මේ නාය­කයා කරන්න හැදුවේ කියලා. ඒ අයට ඒ බය දැනෙන එක සාධා­ර­ණයි. ඒගොල්ලෝ තමයි දන්නේ ඒ අය කරපු මූල්‍ය වංචා, දූෂණ, හොර­කම්, අප­රාධ, කප්පම් ගැනීම්, පැහැර ගැනීම් ආදී සියලු දේව­ල්ව­ලට තමන් කොත­රම් සම්බන්ධ ද කියලා. පරී­ක්ෂ­ක­යන් දන්නේ ඒකෙන් ස්වල්ප­යයි.

පරීක්ෂා කර­ගෙන යන­කොට තමයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට හරි අල්ලස් කොමි­ස­මට හරි තේරෙන්නේ ඒවයි දිග පළල, බර­ප­ත­ළ­කම. ඒ නිසා බය වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. නීතිය ක්‍රියා­ත්මක වෙනවා. රටේ ජන­තා­වට පළමු වැනි වතා­වට පේන්න අර­ගෙන තියෙ­නවා බලය, ධනය ඉස්ස­රහ නීතිය නැමෙන්නේ නැහැ කියලා. ඒ අනුව අධි­ක­ර­ණය ගැන විශ්වා­ස­යක් එමින් පව­ති­නවා ජන­තා­වට.

පරී­ක්ෂණ ගැන විශ්වා­ස­යක් ජන­තා­වට එමින් පව­ති­නවා. ඒ අනුව රට ඉස්ස­ර­හට යමින් තිබෙ­නවා. මේ ආකා­ර­යට නීතිය සාධා­ර­ණව හා සමා­නව රටේ ක්‍රියා­ත්මක වෙනව කියන එක රට සම්බ­න්ධ­යෙන් හොඳ ප්‍රති­රූ­ප­යක් ජාත්‍ය­න්ත­ර­යට ගෙන යන්නත් වැද­ගත් වේවි.

ලක්ෂ 166ක මූල්‍ය වංචා­වක් කරපු සාමාන්‍ය පුර­වැ­සි­යෙක් හිටියා නම් ඔහුට නීතිය ක්‍රියා­ත්මක වෙන්නේ නැද්ද. ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­ර­ය­කුට මේක වුණා නම් නීතිය ක්‍රියා­ත්මක වෙන්නේ නැද්ද. මේගොල්ලෝ ඔක්කොම එක වල්ලේ පොල් වගේ එක අත්තේ වහල ඉන්න කරුල්ලෝ ටික.

හරි ලේසියි තේරුම් ගන්න මේගොල්ලෝ කවුද කියන එක. වැඩි­දුර විස්තර ඕන නම් රනිල් වික්‍ර­ම­සිංහ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා ගැන ඒගො­ල්ලෝම දාපු වොයිස් කට් ටික ආයේ දාල බැලුවා නම් ඒ අය පෙනී සිටින්නේ කොයි වගේ අයෙක් ගැන ද කියලා. ජනා­ධි­පති කාර්යා­ලයෙ මුදල් උප­යෝගි කර­ගෙන පෞද්ග­ලික කට­යු­තු­ව­ලට අපි කවු­රු­වත් යෙද­විලා නැහැ. ඇයි රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ පාර්ශ්වය විටින් විට මේ සංචා­රය පිළි­බඳ ලිය­කි­ය­විලි වෙනස් කළේ.

මම දැක්කා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව කරුණු ඉදි­රි­පත් කර­නවා. අධි­ක­ර­ණ­යට ඒවා දිහා බැලු­වට පස්සේ ජන­තා­වට තේරෙ­නවා ඒගො­ල්ලෝම මේක වර­දක් කියලා දැන­ගෙන විටින් විට, විටින් විට එම ලිය­කි­ය­විලි වෙනස් කළා කියන එක. කොහොම වුණත් මේක අධි­ක­ර­ණය ඉස්ස­රහා තිබෙන කට­යු­ත්තක්. ඔය එක එක තර්ක ඉදි­රි­පත් කරන අයට නීතිඥ ලෝගුව දාගෙන ගිහිල්ලා උසා­වි­යෙදි කරුණු ඉදි­රි­පත් කරන්න පුළු­වන්. ඒව හරි නම්, අධි­ක­ර­ණ­යේදි ඒවා පිළි­ගන්නේ නැත්නම්, ප්‍රති­ක්ෂේප කරයි. අපි අධි­ක­ර­ණ­යට භාර දීල තියෙන්නේ. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *