දකුණු හා බස්නාහිර පළාත්වල සංවිධානාත්මක අපරාධ ඉහළ යෑම හේතුවෙන්, එම පළාත්වල ආරක්ෂාව තර කිරීම සඳහා හමුදා සාමාජිකයින් යෙදවීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද (26) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ අද දින සිට මෙම පළාත්වල හමුදා සාමාජිකයින් ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කරන බවයි. මෙම තීරණය ගනු ලැබුවේ, එම ප්‍රදේශවල වාර්තා වන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් පාලනය කිරීමේ අරමුණ ඇතිවයි.
මෙම ක්‍රියාමාර්ගය මඟින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සාමය සහ නීතිය රකිමින් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමටත් හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.