හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නඩුව ඇරඹෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) දහවල් 1.00ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඉදිරියේදීයි.

මේවන විටත් දේශපාලඥයින් ඇතුළු විවිධ පිරිස් මෙම ස්ථානයට පැමිණෙමින් සිටින අතර ස්ථාන කිහිපයකම පොලිස් ආරක්ෂාව තරකර ඇතැයි වාර්තා වෙනවා.

කැරලි මර්දන ඒකකය, පොලිසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ රැසක්ම  කොම්පඤ්ඤවීදිය අවට ස්ථාන කිහිපයකම  ස්ථානගතකර  ඇති බවයි සඳහන් ‍වන්නේ.

මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉකුත් 22 වැනිදාය.

හිටපු ජනපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ස්නායු දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

හිටපු ජනපතිවරයාව සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කරගනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *