සමාජ මාධ්‍ය හරහා අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(C)(1) සහ 111(C)(2) යන වගන්තිවලට අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීම හෝ අතපෙවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අවධාරණය කරයි.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, අධිකරණ තීන්දුවලට, විනිසුරුවරුන්ට, සහ අධිකරණ ක්‍රියාවලියට සමාජ මාධ්‍ය ජාල හරහා බලපෑම් කිරීම අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් ලෙස සැලකෙන බවයි. එමෙන්ම, අධිකරණ ක්‍රියාවලියට අගෞරව වන ආකාරයේ අදහස් පළ කිරීම ද බරපතල වරදක් ලෙස සලකා නීතිමය පියවර ගත හැකි බවද නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *