දක්ෂිණ අධිවේගයේ සුඛෝපභෝගී බස් රථයක් සම්පූර්ණම ගිණි ගනියි

අද (15) දහවල් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත අන්තර් හුවමාරුව ආසන්නයේදී සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස්රථයක් හදිසියේම ගිනි ගෑනීමකට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නොමැති අතර ගින්න පැතිර යෑමට පෙරාතුවම මගීන් සියල්ල නිරුපද්‍රිතව ඉන් ඉවතට පැමිණි ඇති අතර පසුව ඔවුන් වෙනත් බස් රථයකට මාරුකරවා ගමනාගමනය වෙතට පිටත් කර යෑවීමට කටයුතු කර තිබෙනවා.

image 7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *