තුසිත හල්ලොලුව මහතාට වෙඩි තැබීමේ සිදුවීම ඔහු විසින්ම සැලසුම් කරන ලද ක්‍රියාවලියක් බව හෙළිදරව් වී ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අධිකරණයටත් කරුණු වාර්තා කර ඇතැයිද ඒ මහතා පැවසීය.
අධිකරණයේ විභාග වන නඩුවක් බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරා අදහස් ඵල කිරීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.