බස් රථවල ගෙවීම් සිදු කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල් කාඩ්පත වසරක් තුළ හඳුන්වාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඒ අනුව, මේ වන විටත් ඒ සඳහා සාකච්ඡා සිදු කරමින් පවතින බවත්, එහි විශාල ප්‍රගතියක්ද ලබා ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මෙවැනි ඩිජිටල් කාඩ්පතක් නොමැතිවීම නිසා පෞද්ගලික බස් රථ හිමියන්ට මෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටද ආදායම අහිමි වීමක් සිදුවන බවද, ලංගමයේ එසේ අහිමි වන දෛනික ආදායම රුපියල් කෝටියකට ආසන්න බවද ඔහු ප්‍රකාශ කළා.
එසේම, ප්‍රවාහනය ගමට ගෙන යෑමේ අරමුණින් බහුවිධ ප්‍රවාහන පර්යන්ත 15ක් දිස්ත්‍රික් මට්ටමින් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවත්, මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයද 2027 වසරේ සැප්තැම්බර් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන වැඩිදුරටත් සඳහන් කර සිටියේ.