ජනපති රනිල් ගාසා තීරයට පාසලක් හදලා දෙන බව දැනුම් දෙයි

යුධ ගැටුම් අවසන් වී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූ පසු ශ්‍රී ලංකාවේ දායකත්වයෙන් ගාසා තීරයේ පාසලක් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා මැදපෙරදිග රටවල තානාතිවරුන් හමු වී පවසා තිබෙනවා.

යේමනයේ හූති හමුදාවන් විසින් දියත් කරන ලද ප්‍රහාරවලින් ජාත්‍යන්තර නැව් ආරක්ෂා කිරීම සඳහා රතු මුහුදේ මුර සංචාරය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් අරාබි සහ ඉස්ලාමීය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ව්‍යාකූලත්වය ඉවත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා මෙම තානාපතිවරුන් කැඳවූ අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව රතු මුහුදට යෙදවීම සම්බන්ධයෙන්, එවැනි යෙදවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හිතකර බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත් මේ සම්බන්ධයෙන් තවමත් සලකා බලමින් පවතින බවද එහිදී ඔහු විසින් පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *