එළඹෙන අයවැයෙන් වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ට සෞඛ්‍ය පැකේජයක්

වයස අවුරුදු 35ට වැඩි සෑම පුද්ගලයෙකුටම තමන්ට පවතින රෝගී තත්ත්වයන් හඳුනාගැනීමට රජයෙන් පැකේජයක් හඳුන්වාදීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පවසනවා.

ඒ අනුව, ඒ සඳහා එළඹෙන අයවැයෙන් මුදල් වෙන්කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එහිදී ඔහු මෙසේද පැවසුවා,

”අපේ ආණ්ඩුවේ ප්ලෑන් එක තමයි අවුරුදු තිස් පහට වැඩි හැම කෙනෙක්ම එක් එක් රෝග තියෙනවද කියලා චෙක් එක. අපි මේ සැරේ අයවැයෙන් ඒකට මුදල් වෙන් කරනවා. ඒක නිසා අපි හැමෝටම කියන්නේ ඒවාට සිංගප්පූරු එහෙම යන්න ඕනේ නැහැ. ළඟම තියෙන රෝහලට ගිහිල්ලා අවුරුදු තිස් පහට වඩා වැඩි නම් අපි රජයෙන් පැකේජයක් දෙනවා. ඒක සමහරවිට අපිට පෞද්ගලික රෝහල් වලිනුත් ඒ අවස්ථාව දෙන්න පුළුවන්.

ඒ පැකේජ් එකෙන් තමන්ගේ තියෙන ලෙඩ ටික බලාගන්න කියලා තමයි අපි කියන්නේ. මොකද එතකොට නැත්නම් අපිට ලොකු කොස්ට් එකක් යනවා. අපි අද මේ වැඩසටහන තිබ්බෙත් ඒකයි. ලොකු කොස්ට් එකක් යනවා. ඒ සඳහා වූ ප්‍රතිකාර විදි සඳහා. ඉතින් අපි හිතාගෙන හිටියේ අපේ රටේ ඉන්න අර දේශපාලන නායකයෝ හුඟක් ඒවා චෙක් කරගෙන ඉන්නේ කියලා. ඉතින් එහෙම වෙලා නැහැනේ. ඒක නිසා මේ ලබන අවුරුද්දේ අපි හැමෝම චෙක් කරගන්න කියලා තමයි. ජනතාවටත් ජනතාව හැමෝටම අපි කියනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *