සංවිධානාත්ම අපරාධ කරුවන් වන කෙහෙල් බද්දර පත්මේ,කමාන්ඩෝ සලින්ද සහ පානදුර නිලංගට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සුළු දිය පහ වී ඇති බව එරට වාර්තා අනාවරණය කරයි.
ඔවුන්ට මෙසේ සිදු වී ඇත්තේ ඉන්දුනීසියා පොලිස් කණ්ඩායම අතර සිටි සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සිංහලෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී බව සඳහන්.
ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලිසිය කිසි දිනක මේ ආකාරයට තමන්ව හඹාගෙන ඒවි යැයි නොසිතූ බවත් තමන්ව නොමරා බේරාගන්නා ලෙසත් ඔවුන් පොලිස් නිලධාරීන් හමුවේ ආයාචනාත්මකව පවසා ඇති බවත් ඉන්දුනීසියාවෙන් ලැබෙන තොරතුරු සඳහන් කරනවා.
කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද වසරක පමණ කාලයක් තිස්සේ ඉන්දුනීසියාවේ රැදී සිට ඇති බවටද තොරතුරු අනාවරණය තිබෙනවා. මේ දෙදෙනා ඩුබායි, මලයාසියාව, තායිලන්තය, ඇතුළු රවල් රැසකට එහි සිට සංචාරයේ නිරතව සිට ඇති බවත් ඉන්දුනීසියාවේද එක් ස්ථානයක මාසයකට වැඩි කාලයක් ගතකර නැති බවත් අනාවරණය වී තිබෙනවා.මලයාසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද අත්අඩංගුවට ගත් බව පසුගිය ජූලි මාසයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ තොරතුර පවා ඔවුන් දෙදෙනා විසින් ගොතා සමාජ මාධ්‍ය අතර හුවමාරුකළ එකක් බවද හෙළිවී තිබෙනවා. ඒ වන විටත් ඔවුන් දෙදෙනා රැදී සිට ඇත්තේ ඉන්දුනීසියාවේ.