මෙරට ජනතාවගෙන් 80% ක් ජනාධිපතිවරණයක් ඉල්ලා සිටින බව පෞද්ගලික සමීක්ෂණ ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මෙම සමීක්ෂණය සිදුකර තිබෙන්නේ ලංකා රිසර්ච් නම් සමීක්ෂණ ආයතනය මගිනි.
ඔවුන් සිදු කර තිබෙන සමීක්ෂණයට අනුව. ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් අවශ්‍ය බව පවසා ඇත්තේ, ජනතාවගෙන් 20% ක ප්රමාණයකි.
නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙන යාමෙන් ආර්ථිකය ස්ථාවර කළ හැකි යැයි ජනතාවගෙන් 81.9 ක් විශ්වාසය කරන බව මෙම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
ජනතාවගෙන් 34.6% ක් ක්‍රම වෙනසක් අපේක්ෂා කරන අතර, 16.5% ක් දැඩි නීති පැනවීම මගින් රට සංවර්ධනය කරා ගෙන යා හැකි යයි විශ්වාස කරන බව මෙම සමීක්ෂණයෙන් තහවුරු වී තිබේ.