අත්අඩංගුවට පත් වෙතැයි බියෙන් හිටපු ඇමති ගම්මන්පිල රටින් පනියි !

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල හදිසියේ ම විදෙස්ගතවී ඇති බව වාර්තා වේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින තත්ත්වයක් හමුවේ ය. 

පුද්ගලයෙකු අත-ුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීමෙන් පසුව පවත්වන ලද මාධ්‍ය හමුවක දී ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බව, ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි. 

ඒ අනුව, අයි.සී.සී.පී.ආර් පනත යටතේ උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටි අතර, මේ වන විට ඔහු විදෙස්ගතව ඇති බව පැවසේ. 

මේ බව වාර්තා කර තිබෙන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *