පොලිස් ඇමති ආනන්දගේ ඡායාරූපය ව්‍යාජව සකස් කළ අයට වැඩ වරදින ලකුණු

සංවිධානාත්මක අපරාධකරුවන් ඊයේ  (30) රාත්‍රියේ මෙරටට රැගෙන ආ අවස්ථාව සම්බන්ධයෙන් ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූප සහ ප්‍රවෘත්ති පළකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාන්විතයට සම්බන්ධ වූ ශ්‍රී ලංකා පොලීසියේ සහ ඉන්දුනීසියා පොලීසියේ නිලධාරීන් පිළි ගැනීමට අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටියා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූප සහ ප්‍රවෘත්ති සමාජ මාධ්‍යයේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බවයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

විශේෂයෙන්ම ආනන්ද විජේපාල මහතා යැයි හැගෙන ලෙස ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන බව එහි සඳහන්.

එම ඡායාරූපය සහ ප්‍රවෘත්තිය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර ඒවා පළකිරීමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *