මාස 07 ට ඩොලර් බිලියන 4.4ක විදෙස් ප්‍රේෂණ ලංකාවට එයි

විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් මේ වසරේ ජන­වාරි සිට ජූලි මස 31 වැනිදා දක්වා රුපි­යල් කෝටි 133,000ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 4,435.2) මුද­ලක් මෙර­ටට ප්‍රේෂ­ණය කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

2024 වසරේ එම කාල­යේදී විදෙස් ප්‍රේෂණ රුපි­යල් කෝටි 110,000ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 3,710.8) මුද­ලක් මෙර­ටට ලැබී තිබෙන අතර, එය මේ වස­රේදී සිය­යට 19.5ක වර්ධ­න­යක් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­ව­කින් පෙන්වා දෙයි.

පසු­ගිය ජූලි මාස­යේදී පම­ණක් විදේශ ප්‍රේෂණ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 697.3ක ප්‍රමා­ණ­යක් මෙර­ටට ලැබී තිබෙන අතර, එය 2024 ජූලි මාස­යේදී මෙර­ටට ලැබී තිබෙන අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 566.8ට සාපේ­ක්ෂව සිය­යට 23ක වර්ධ­න­යන් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

ඒ අනුව මේ වසරේ ජූලි මාස­යේදී විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ අගය ඉහළ ගොස් තිබෙන අතර, එය 2020 දෙසැ­ම්බර් මාස­යෙන් පසුව සට­හන් වූ ඉහ­ළම අගය බව ද මහ බැංකු වාර්තාවේ සඳ­හන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *