කැරට් කිලෝව රුපියල් 2000 ත් ඉක්මවා යයි

අනුරාධපුර මහජන පොලේ අද කැරට් කිලෝවක මිල රුපියල් දෙදහසක් වූ බව වාර්තා වේ.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල අද දිනයේ දී රුපියල් 1500 ක් වී ඇති අතර, එම ආර්ථික මධ්‍යස්ථානය ත-ුළ ම කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 1700 ක් ලෙස සදහන් වී තිබේ.

මේ බව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා තහවුරු කළ බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් දහසක් බවත්, සිල්ලර මිල රුපියල් 1400 ක් බවත් ඔහු පවසා තිබේ.

වෙනත් දිනවල දි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට උඩරට එළවළු කිලෝ ලක්ෂයත් – ලක්ෂ එක හමාරත් අතර ප්‍රමාණයක් ලැබෙන බව පවසා ඇති එහි සභාපතිවරයා, අද දිනයේ දී ලැබී ඇත්තේ එළවලු කිලෝ හත් දහසක් වැනි සුළු ප්‍රමාණයක් බව පවසා තිබේ.

නොකඩවා ඇද හැලෙන වැස්ස මේ තත්ත්වයට හේතු වී ඇති බව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *