කෙහෙල්බද්දර පද්මේ අයිස් ෆැක්ටරියක් ගැන වමාරයි – කිලෝ 2000ක රසායන ද්‍රව්‍ය සමග සෙයා ගනියි

අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ, රට තුළ, අයිස් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සදහා නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. 

මෙම නිෂ්පාදනාගාරය නුවර ප්‍රදේශයේ කුලියට ගත් නිවසක පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ සදහා රුපියල් ලක්ෂ හතලිහක පමණ මුදලක් පද්මේ විසින් යොදවා ඇති බවත් ආමාත්‍යවරයා පවසයි. 

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය කිලෝ දෙදෙහසක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා අනාවරණය කළේ ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *