දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක. අලුයම කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.
පසුගිය පැය 24ක කාලය තුළ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.8ක් නුවරඑළියෙන් වාර්තා විය.
මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද උදෑසන සිට සීත කාලගුණ තත්වයක් පවතින බව වාර්තා වේ.
