මහා විනාශයක් නූලෙන් බේරෙයි – ඉන්ධනහලේ ගින්න තත්පර 25කින් නිවයි

කැස්බෑව නගරයේ ඉන්ධන පිරවුම් හලේ වළට (ටඩාන්ගයට)   බවුසරයකින්  දහවල් ඉන්ධන ගොඩගාමින් සිටියදී හදිසියේ හදිසියේ හට ගත් ගින්නක්   තත්පර 25 ක් වැනි සුළු කාලයකදී  මැඩ පැවැත්වීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වළකී ගියේය.

පෙට්‍රල් ඉන්ධන රැගෙන ආ බවුසරය ටඩාන්ගය අසල නවතා ඉන්ධන යොමු කරමින් සිටියදී බවුසරයේ නලය හා ටඩාන්ගයේ යකඩ බට අතර ගැටී අඩි පහළොවක් පමණ උසට ඒ තුළින් නැගී ආ විශාල ගිනිදැල්ලක් බවුසරයේ ඉහළටම වන්නට හටගෙන ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

තෙල් ගොඩ බාන අතරවාරේ එම කටයුත්ත කෙරෙහි සුපරික්ෂාකාරීව සිටි බවුසරයේ රියදුරු, සහායක සහ ඉන්දන හලේ සේවකයන් ගින්න හට ගැනීමත් සමගම බවුසරය එම ස්ථානයෙන් වහා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟම සෙසු සේවකයන් ගිනි නිවීමේ උපකරණ භාවිතා කරමින් ටඩාන්ගය තුළින් ඇවිලෙන ගින්න පැතිරීමට ඉඩ නොදී විනාඩි කිහිපයක් තුළදී නිවා දැමීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *