GirlFriend එක්ක හෝටලේකට ගියේ මං විතරද : අනෙක් හාමුදුරුවරු හොරෙන් කරන දේවල් මං එළිපිට කරනවා – විශ්ව බුද්ධා කියයි

වෙනත් භික්ෂූන් වහන්සේලා සිවුර ඇතුළේ හැංගිලා කරන හොර වැඩ තමන් එළිපිට සිදු කරන බව මෑතකදී රක්‍ෂික බන්දනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින විශ්ව බුද්ධා නමින් ප්‍රකට හිමි නම පවසති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් එහිමියන් සඳහන් කරන්නේ තම පෙම්වතිය සමඟ හෝටලයක කෑමට ගිය එකම හාමුදුරුවන් තමන් පමණක් නොවන බවයි.

බුද්ධ ශාසනය ඇතුලේ ඕනෑම සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්වෙන බවටද පවසන උන්වහන්සේ සංඝාධිකරණයක් ගෙනාවොත් මහා නාහිමිවරුන්ගේ පටන් දඬුවම් කරන්නට සිදුවන බවද කියා සිටිති.

තමනට විරුද්ධව නඩු පැවරෑ අය පරාද වී ඉන් තමන් ජයග්‍රහණය කළ බවද පවසන උන්වහන්සේ ශාසනය තුළ සිට වැරදි නොකළ අයෙක් සිටී නම් තමන්ට විරුද්ධව එලියට එන ලෙසද එහිදී අභියෝග කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *