ඉන්දයාවේ සිට හමාගෙන එන සුළංවල බලපෑම මත ඊයේ (16 වැනිදා) දිනයේදීද මෙරට දිස්ත්‍රික්ක රැසක වාතයේ ගුණාත්මක තත්ත්වය ඉතා පහළ අගයක් වාර්තා කළේය.
කුරුණෑගල, මහනුවර, කොළඹ, යාපනය, මොණරාගල, නුවරඑළිය ආදී දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක තත්ත්වය මෙලෙස පහත වැටී තිබුණි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව ඊයේ පෙරවරු 8.30 ට කුරුණෑගල නගරයේ වායු තත්ත්ව දර්ශයේ දත්ත අනුව දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 275 ක් වැනි ඉතා වැඩි අගයක් පෙන්නුම් කරන ලදී.
එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයයේ වායු තත්ත්ව දර්ශකය අනුව කොළඹ 07 සහ කොල්ලුපිටිය ආශ්‍රිත ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මක තත්ත්වය අඩුවී තිබුණි. ඒ අනුව, කොල්ලුපිටිය ප්‍රදේශය ආශ්‍රිතව එම අගය 107 ක් ලෙසද, කොළඹ 07 ආශ්‍රිත අගය 141 ක් ලෙසද වාර්තා විය. මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇති කරන්නේය