කැලණි ගං තොටුපොළේ දියනෑමට ගිය දරුවෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, අවුරුදු 11ක වැලිවිට, කඩුවෙල ප්රදේශයේ දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
දියට බැසීමේදී එක්වරම කිඹුලා දරුවාව කටින් ගෙන ගඟ මැදට පිහිනා ගොස් තිබෙනවා.
කිඹුලා කිහිප වරක්ම දරුවා කටින් ගෙන දිය යට ගොස් නැවත දිය මතුපිටට පැමිණෙමින් සිට ඇති බවයි ප්රදේශවාසීන් පවසන්නේ.
පොලීසිය, ප්රදේශවාසීන් සහ නාවික කොට්ඨාස කිමිදුම් නිලධාරීන් එක්ව අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම් සිදුකරමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.