ජනපතිගේ කතාවේදී රටේ පෞරුෂය හෑල්ලුවට ලක්කලා – දිලිත් ජයවීර කියයි

මෙවැනි අතකොළුවක් වුණු ආණ්ඩුවක් ඉතිහාසයෙවත් බිහි වී නොමැති බව සර්ව ජනබලය පක්ෂයේ පත් කළ මන්ත්‍රි දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ දී ඊයේ (25 වැනිදා) පැවසීය.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයට එක් වෙමින් මේ බව කී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් මම මැයි 30 වැනිදා ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා අදටත් උත්තර නැහැ. ඇතැම් මන්ත්‍රිවරු සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ විෂය ඉතාම පුළුල් විෂයයක් මතුපිටින් අල්ලාගෙන කතා කරනවා විතරයි. කිසිදු උපායමාර්ගික ව්‍යුහාත්මක වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ . මම ඇහැව්වේ සංචාරක ඇමැතිතුමාගෙන්. එතුමා තමයි විදේශ කටයුතු ඇමැතිත්. ඒ නිසා එතුමාට වෙලාවක් නැහැ සංචාරක කර්මාන්තය ගැන හිතන්නවත්. දැන් ජනාධිපතිතුමා පත් වෙලා වසරක් ගෙවුණා. හිතා ගන්නත් බැහැ කිසිම උත්සවයක්වත් මොකුත් නැහැ. ඇයි කියලා බැලුවොත් . නිර්දන පාන්තිකයක් විප්ලවීය තීරණයක් ගෙන තමයි මේ වගේ අයට ආණ්ඩුවක් අරගෙන දුන්නේ. දැන් ආර්ථික ප්‍රගතිය ගැන කතා කරනවනේ. ප්‍රගතියට අදාළ නොම්බර ගැන කතා කරලා වැඩක් නැහැ .හරියට විග්‍රහ කළොත් තියෙන්නෙ හිස් බවක්. මමත් ලංකාව පුරා යනවා. දුප්පත් කම තවත් වැඩි වෙලා තියෙන්නෙ. බදු ගහලා ප්‍රගතියක් කොහෙද ලබා ගෙන තියෙන්නේ . කුහක අර්ථයෙන් නෙමෙයි මම කියන්නේ . කිසිම උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා නැහැ. ජනතාව පීඩනයකින් ඉන්නේ . මර්දනකාරී ප්‍රවේශය තුළ ජනතාව පීඩනයෙන් හෙම්බත් වෙලා බලා ඉන්නවා හොකක්ද මේ කරන්නෙ කියලා. ව්‍යවස්ථාපිත බලය භාවිත කරලා විනිසුරුවරුන් මාරු කරනවා. පොලිසියත් එහෙමයි. කුඩු කන්ටේනර් හුටටපටය ගැන කතා කළොත් එක් උත්කර්ෂවත් ව සමරන්න හදනවා. ආණ්ඩුවට අමතක වෙලා බලයෙ ඉන්නේ තමන් කියලා. සමාජය දිහා බැලුවොත් වෙනදාටත් වැඩිය කුඩු. මේ යන ක්‍රමය සාධාරණ නැහැ. මේ ආණ්ඩුව ගැන අහිංසක බලා පොරෛාත්තු තෑබූ මිනිසුන් ගැන සිතිය යුතයි. ඒ වගේම සිදු වෙමින් පවතින සංස්කෘතික විනාශය දෙස බලන්න. දණ්ඩ නීති සංග්‍රය සංශෝධනය කරන්න සූදානම් වෙනවා. දරුවන්ගෙ විනය පවත්වා ගැනීමට උත්සාහ කරන්නේ සභ්‍යත්වය මත හිඳිමින්. මේක හරියට මහා විනාශයක් කරනවා වගේ කත කරන්නේ. එන්ජීඕ නඩයකින් ගෙනා පනතකින් මේ කරන්න හදන්නේ මොනවද . ගුරුවරුන් අපරාධකාරයො ද. ගුරුවරුන්ට විරුද්ධව අපරාධ නීති ගේන්නෙ .

ළමයකුට අවමන් කිරීමත් ශාරීරික වරද කිරීමේ දඬුවමක් ලෙසයි මේ පනතේ හඳුන්වන්නේ . ගුරුවරුන් දැන් කියනවා ඉල්ලා අස්වන කාලය ඇවිත් කියලා.

මට ආණ්ඩුවට කියන්න තියෙන වැදගත්ම දේ තමයි හොඳට කල්පනා කරන්න හෘද සාක්ෂිකයට එකඟව බලන්න තමන් කරන දේවල් ගැන .කාගේ කොන්ත්‍රාත්තුවක් ද මේ ඉටු කරන්නෙ කියලා බලන්න. දුප්පත් මිනිහාගේ අපේක්ෂාවද මේ ඉටු කරන්නෙ කියලා බලන්න. එක්සත් ජාතීන්ගේ සංවිධාන සැසිවාරයෙදි ජනාධිපතිතුමා කළ කතාව ගැන මම කනගාටු වෙනවා . ඒ කතාවේ අන්තර්ගතය අරගෙන බලන්න. මේ ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයකි බිහිවුණු රටේ ඒ පෞරුෂය ගැන අපට යන්න පුළුවන් ගමනක විභවතාව ගෙන කොහොද තියෙන්නේ. ළාමක ලෙස දෙකට නැමිලා කතා කරනවා. ඒ නිසා මම අපේ ආණ්ඩුවට ආරාධනා කර සිටිනවා මේ ආණ්ඩුවට කල්පනා කරලා බලන්න මෙවැනි අතකොළුවක් වුණු ආණ්ඩුවක් ඉතිහාසයෙවත් බිහි වෙලා නැහැ. ඔවුන් දන්නෙ නැහැ කවුරු වෙනුවෙන් ද වැඩ කරන්නේ කියලා. අපේ ආර්ථිකය ගොඩනගනවා යැයි කිව්වාට අපි ගොඩනගන්නේ අපේ ආර්ථිකය නෙමෙයි. අපි ගොඩනගන්නේ පිටරට ආර්ථිකයන්. දුප්පත් මිනිහගේ අන්තිම සතෙත් හූරගෙන කාලා වෙලාවට පොලිය ගෙව්වාට රට ගොඩ යන්නේ නැහැ. මෙන්න මේ ස්වයං පාපොච්චාරණය කරන්න මොහොතක් ගන්න. තමන්ට හදවතක් සහකම්පනයක් තියෙනවා නම් කරන දේ හරිද කියලා බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *