නාමල්,මහින්ද අමරවීර ,රෝහිත,පවිත්‍රා ඇතුළු හිටපු මැති ඇමතීන් 20කගේ වත්කම් ගැන විමර්ෂණ අරඹයි

පසුගිය කාලයේ නොයෙක් අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් විසි දෙනකු විසින් අනීතිකව රැස් කරනු ලැබුවේ යැයි කියන වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, පියසේන ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, වජිර අබේවර්ධන, දුමින්ද දිසානායක, එස්. එම්. චන්ද්‍රසේන, සාගල රත්නායක, මනූෂ නානායක්කාර, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විසි දෙනෙකු සම්බන්ධයෙන් මෙම විමර්ශන පැවැත් වේ.

විවිධ පුරවැසි සංවිධාන හා පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිලි මත පදනම්ව මෙම විමර්ශන පැවැත්වෙන අතර විමර්ශනවලින් හෙළිවෙන කරුණු පදනම් කරගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *