මහින්ද බලන්න හිටපු ජනපති රනිල් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කාල්ටන් නිවසට ගියේය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා “ආයුබෝවන්” කියා ඉතා සුහදශීලීව රනිල් වික්‍රමසිංහ මහතා පිළිගත්තේය.

හිටපු නායකයන් දෙදෙනා වත්මන් දේශපාලන තොරතුරු මෙන්ම ආගිය කතා කියමින් මඳ වේලාවක් රැඳී සිට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *