අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්යක්ෂ ජනරාල්වරයා යනව රංග දිසානායක මහතා, කලෙක, ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවක සාමාජිකයෙකුව සිටි බව, පසුගිය දා හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක් වෙමින්, හිටපු ජවිපෙ ප්රබලයෙකු වන නන්දන ගුණතිලක චෝදනා කළේ ය.
මෙම චෝදනාවේ සත්‍ය-අසත්‍යතාව පිළිබව අයිලන්ඩ් පුවත්පත අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්ගෙන් විමසා තිබේ.
එහිදී, නන්දන ග-ුණතිලක එල්ල කර තිබෙන චෝදනාව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් විසින් එක හෙලා ප්‍රතික්ෂේප කළ බව අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.
ඉන් නොනැවතී, නන්දන ගුණතික විසින් එල්ල කරන ලද මෙම අභූත චෝදනාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව අල්ලස් කොමිසමේ සියළු කොමසාරිස්වරු සමඟ සාකච්ඡා කරන බවද රංග දිසානායක මහතා පවසයි.