බස් රථවල ගමන්කරන මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිද්දා සිට අනිවාර්යයි

බස් රථවල ගමන්කරන මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිද්දා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

ටිකට්පතක් නොමැතිව බස් රථවලගමන් කරන මගීන්ට දඩයක් ගෙවීමට සිදු වන බවයි එම අධිකාරිය පවසන්නේ.

මේ අතර  බස් නාහිර පළාතේ මගී ප්‍රවාහන සියලු ත්‍රීරෝද රථ ලියාපදිංචිය ද අනිද්දා සිට අනිවාර්ය බවයි කොළඹ  පැවති මාධ්‍ය හමුවකදී හෙලි කෙරුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *