කැරට් කිලෝවක මිල රුපියල් 2500 දක්වා තවත් ඉහළට

වාර්තාගත අන්දමින් ඊයේ ඉහළ ගිය කැරට් තොග මිලට සාපේක්ෂව සිල්ලර වෙළෙඳපොළේ කැරට් මිල ද අසීමිත ලෙසින් අද ඉහළ ගොස් තිබෙනවා.

බොහෝ පොදු වෙළඳ සංකීර්ණවල අද කැරට් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 2,500ක මිලකටයි.

ඉතිහාසයේ පළමු වරට කැරට් කිලෝවක තොග මිල රුපියල් 2,000ක් ලෙස ඊයේ වාර්තා වුණා.

ඊට සාපේක්ෂව රට පුරා සිල්ලර වෙළෙඳපොළේද කැරට් කිලෝග්‍රෑම් එකක මිල අසීමිත ලෙසින් ඉහළ ගොස් ඇති අතර, අද පෙරවරුවේ නුගේගොඩ පොදු වෙළෙඳපොළෙන් වාර්තා වූ කැරට් මිල රුපියල් 2500ක්.

කොළඹ මැනිං වෙළඳපොළේ අද කැරට් කිලෝග්‍රෑම් එකක් අලෙවි වූ තොග මිල දැක්වුණේ රුපියල් 2,000ත් 2,200ත් අතරයි.

නුවරඑළිය, දඹුල්ල හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානවලද අද කැරට් මිලෙහි යම් අඩුවක් දක්නට ලැබුණු නමුත් උත්සව සමයට පෙර පැවති මිලට සාපේක්ෂව එය ඉහළ අගයක් ගන්නවා.

එළවළු මිල ඉහළ යාම හමුවේ සිල්ලර වෙළෙඳුන්ට සිය ව්‍යාපාර කරගෙන යාමේ අපහසු තත්ත්වයක් උද්ගතව ඇති අතර බොහෝ වෙළෙඳසැල්වල එළවළු අලෙවියද නවතා ඇති අයුරු දක්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *