මෙරට ඩිජිටල් ආර්ථිකයේ ඉලක්කය ඩොලර් බිලියන 5ක් – ජනා­ධි­පති උප­දේ­ශක ආචාර්ය හාන්ස් විජේ­සූ­රිය

ඉදිරි වසර පහේදී ශ්‍රී ලංකාවේ ඩිජි­ටල් ආර්ථි­කය ඩොලර් බිලි­යන 05ක ඉල­ක්ක­යක් කරා යොමු කිරී­මට ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය සැල­සුම් කොට ඇතැයි ඩිජි­ටල් ආර්ථික කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති උප­දේ­ශක ආචාර්ය හාන්ස් විජේ­සූ­රිය මහතා මහ­නු­ව­රදී පැව­සීය.

ඊට සම­ගා­මීව ඩිජි­ටල් ශ්‍රම බළ­කාය ලක්ෂ 02ක් දක්වා පුළුල් කිරී­ම­ටත් සාමාන්‍ය ගනු­දෙනු පිරි­වැය 01%කට වඩා අඩු අග­යක් කරා ගෙන ඒම­ටත් අපේක්‍ෂා කරන බවත් ඒ මහතා කීවේය.

ආචාර්ය හාන්ස් විජේ­සූ­රිය එසේ කියා සිටියේ, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජි­ටල් ආර්ථික මාර්ග වැඩ­ස­ට­හන සම්බ­න්ධ­යෙන් මධ්‍යම පළාතේ රාජ්‍ය නිල­ධා­රීන් දැනු­ම්වත් කිරීම සඳහා ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ මෙහෙ­ය­වී­මෙන් මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී මෙම (26) පැවැති දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හ­නේ­දීය.

ඩිජි­ටල් ආර්ථික කට­යුතු සම්බ­න්ධ­යෙන් දැනට ශ්‍රී ලංකාවේ නියෝ­ජ­නය 3%ක් යැයි කී ඒ මහතා ඉදිරි වර්ෂ 05ක කාල‍ෙය්දී එය 15%ක වර්ධ­න­යක් දක්වා ගෙන එන බවත් ඒ යටතේ රජයේ ආය­තන 75ක් පමණ ඩිජි­ට­ල්ක­ර­ණ­යට ලක්වන බව ද පැව­සු­වේය.

රජයේ ඩිජි­ට­ල්ක­රණ සැල­සුම් පැහැ­දිලි කිරීම සහ කෘත්‍රිම බුද්ධිය පිළි­බ­ඳව නිල­ධා­රීන්ගේ දැනුම වර්ධ­නය කිරීමේ අර­මු­ණින් ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් සංවි­ධා­නය කළ මෙම වැඩ­ස­ට­හන මධ්‍යම පළාත් සභාව, මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල සහ රජයේ අනි­කුත් ආය­ත­න­වල සිය­ලුම විධා­යක නිල­ධා­රීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් ක්‍රියා­ත්මක විය.

ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාං­ශය සහ තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ නියෝ­ජි­තා­ය­ත­නයේ හවු­ල්කා­රි­ත්ව­යෙන් මෙම වැඩ­ස­ට­හන සංවි­ධාන විය. ජනා­ධි­පති අති­රේක ලේකම් රොෂාන් ගමගේ, තොර­තුරු තාක්ෂණ නියෝ­ජි­තා­ය­ත­නයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යන් වන හර්ෂ පුර­සිංහ, සමීෂ අබේ­සිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේම­සිංහ, මහ­නු­වර අති­රේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇට­ම්පා­වල යන මහ­ත්වරු ඇතුළු නිල­ධා­රීහු රැසක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *