ඉන්දීය වෙළද පොළ ඉලක්ක කරගත් ජපාන සමාගම් වෙනුවෙන්, ලංකාව තුළ කාර්මික කලාපයක් – ජපාන ආර්ථික ඇමති යෝජනා කරයි

සිය ජපාන සංචාරය අතරතු-ුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපානයේ මුල් පෙලේ සමාගම් රැසක නියෝජිතයන් සමඟ මාධ්‍යයට විවෘත නොවූ (ක්ලෝස්ඩ් ඩෝර්) සාකච්ඡාවක් පවත්වා ඇති බව ඩේලි එෆ්.ටී. පුවත්පත වාර්තා කරයි.

එම සාකච්ඡාවට පසුව, ජනාධිපතිවරයා, ටෝකියෝ හී පැවති විවෘත ව්‍යාපාරික හමුවකට සහභාගී වී තිබේ.

එහිදී, නව රජය විසින් රට තුළ ස්ථාපිත කර තිබෙන දූෂණයෙන් තොර යහපාලනයත්, ආර්තික හා දේශපාලන ස්ථාවරභාවයත්, ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීමත් පිළිබඳව ජපාන ව්‍යාපාරිකයන්ට ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති බව පැවසේ.

“ලංකාව, කලාපයේ වඩාත්ම ස්ථාවර සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි,” ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීමේ දී පවසා තිබේ.

ලංකාව තුළ ස්ථානගත වීමෙන් ජනගහනය බිලියන 2.5 ක් වන යෝධ දකුණු ආසියානු කලාපයට දොරටු විවර කර ගැනීමට ජපාන ව්‍යාපාරිකයන්ට ඉඩ සැලසෙන බව ජනාධිපතිවරයාගේ අදහසයි.

ජපාන රජය නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූ ජපාන ආර්ථික, වෙළද හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඔගුෂි මසාකා, ඉන්දීය වෙළද පොළ ඉලක්ක කර ගත් ජපාන සමාගම වෙනුවෙන් ලංකාව තුළ කාර්මික කොරිඩෝවක් පිහිටුවීම පිළිබදව වූ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයෙන් ඉදිරිපත් වූ එම යෝජනාව සාදරයෙන් පිළිගත් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *