මෙරට මිනිරන්වල ආයෝජනයට ඇමරිකානු ව්‍යාපාරිකයින් සූදානම් – ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි

ලංකාවේ මිනිරන් කර්මාන්තය තුළ ආයෝජනය කිරීමට එක්සත් ජනපද ව්‍යාපාරිකයන් පිරිසක් සූදානමින් සිටින බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ අනුව, මෙරට මිනිරන් පිළිබදව ගවේශනය කිරීම සදහා එක්සත් ජනපද නියෝජිතයන් පිරිසක් ලබන වසරේ අප්‍රේල් මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිත ය.

ඔවුන් වෙනුවෙන් දින පහක වැඩ මුළුවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව, මෙම පිරිස බෝගල සහ කහටගහ ආදී මිනිරන් පතල්වල නිරීක්ෂණ චාරිකාවකටද එක්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *