අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමයි

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙවරත් ඉන්ධන මිල පහත හෙළා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 335ක්.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලේ වෙනසක් සිදුව නැහැ.

ලංකා ඔටෝ ඩීසල් මිල ද රුපියල් 06කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 277ක්.

සුපර් ඩීසල් මිල පහත දැමීම සිදු කර නොමැති අතර භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 180 ක් ලෙසටයි දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *