ලෝක ළමා දිනය යෙදුණු ඊයේ (ඔක්තෝබර් 01 වැනිදා) කසිප්පු පානය කර සිටි පාසල් සිසුන් තිදෙනකු මොනරාගල පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
මෙම සිසුන් තිදෙනා මොනරාගල ප්‍රදේශයේ පාසලක 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් බවට වාර්තා වේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් දැඩි ලෙස මත්ව සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පසුව, මොනරාගල පොලිසිය විසින් මෙම සිසුන්ගේ දෙමවුපියන් කැඳවා, සිදුවීමේ බරපතලකම පිළිබඳව දැඩි අවවාද ලබා දීමෙන් පසු සිසුන්ව ඔවුන්ගේ භාරයට මුදා හැර ඇත.