හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් ඉවත්ව ගිය පසු, එම නිවසේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ඇත.
මෙම නිලධාරීන් පැමිණ ඇත්තේ රාජ්‍ය දේපළ නිසි පරිදි භාරදීමක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වන මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේ, “විජේරාමයේ නිල නිවසින් ඉවත්ව යන විට රජයේ දේපළ වෙන් කරගන්න කොස්සක්වත් අරන් යන්න අපිට කිසිම අවශ්‍යතාවක් නැත” යනුවෙනි.