පූජ කරපු වොෂින් මැෂින් එක විකුණා හාමුදුරුවෝ අයිස් ගහයි

කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිකාරී හිමිනමක් දායකයකු විසින් විහාරස්ථානයට පරිත්‍යාග කර තිබූ වටිනා රෙදි සෝදන යන්ත්‍රයක් විකුණා මත්ද්‍රව්‍ය පානය කර ඇති බව අනාවරණය වී තිබේ.

යුක්තිය මෙහෙයුම යටතේ මීට සති දෙකකට පමණ ඉහතදී කුරුණෑගල වැවගෙදර ප්‍රදේශයේ සිටි සැකකාර හිමිනම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වනවිට රිමාන්ඩ් භාරයට පත් කර සිටී.

හිමිනම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විහාරස්ථානයට ගිය ප්‍රදේශයේ දායකයන් පිරිසකට මෙම තොරතුරු අනාවරණය වී ඇත.

විදෙස් රටක වෙසෙන විහාරස්ථානයේ දායකයකු එම හිමිනමගේ ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වටිනා නවීනතම ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක් විහාරස්ථානයට පරිත්‍යාග කර තිබී ඇත. විහාරාධිකාරී හිමිනම එම යන්ත්‍රය සිවුරකින් වසා තිබෙන ආකාරය දායකයන් නිතරම දැක ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *