පාසල් සිසුන් හා කුඩා දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි වැනි උපකරණ නිෂ්පාදනය කිරීම සහ වෙළෙඳපොළට නිකුත් කිරීමේදී එස්. එල්. එස්. ප්‍රමිති සහතිකය තිබීම ලබන වසරේ (2026) අප්‍රේල් මස 01 වැනිදා සිට අනිවාර්ය බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.
එදින සිට නියමිත ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන විකිණීම සපුරා තහනම් බව ඊයේ (02දා) වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කීය.
කුඩා දරුවන්ට දියර කිරි ලබාදීම සඳහා භාවිත කරන ප්ලාස්ටික් බෝතල් මෙන්ම පාසල් සිසුන් භාවිත කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල් විවිධ මිල ගණන්වලට වෙළෙඳපොළේ අලෙවි කෙරෙමින් පැවතියත් ඇතැම් ප්ලාස්ටික් උපකරණවල නියමිත ප්‍රමිති සහතිකය හෝ භාවිත කිරීමට සුදුසු බවට සඳහන් කිසිදු සලකුණක් දක්නට නොලැබිණ