වාහන ආනයනය ගැන රජය තීන්දුවක් ගනියි

මෙරටට වාහන ගෙන්වීම සම්බන්ධව අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීමට දස දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පිහිටුවා ඇත.

ජනාධිපතිවරයාගේ නිර්දේශ මත මෙම විශේෂඥ කමිටුව පිහිටුවා තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, වාහන ආනයනකරුවන්ගේ සංගමය ඇතුළු ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම විශේෂඥ කමිටුව නියෝජනය කරති.

පරිසර හිතකාමී සහ වායු දූෂණයට බලපෑම් අඩු වාහන ආනයනය කිරීම සම්බන්ධව මෙම විශේෂඥ කමිටුව අවධානය යොමු කර ඇත. මෙම විශේෂඥ කමිටුව මීට පෙර අවස්ථා හතරකදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවී සාකච්ඡා කර තිබේ.

වාහන ගෙන්වීමට අදාළ නිර්දේශද ඇතුළත් කර සකස් කරන මෙම වාර්තාව ලබන මාසයේදී ජනාධිපතිවරයාට ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *