මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 68කගේ වැඩ තහනම් කරයි

ජනවාරි සිට මේ දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 68 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරනවා.

මෙම නිලධාරීන්ට චෝදනා එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්.

මෙම වැඩ තහනමට ලක් වූ නිලධාරීන් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් ඊට අමතරව මත්ද්‍රව්‍යවලට සම්බන්ධ නිලධාරීන් සිටිනවාද යන්න තවත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවත් ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *