ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක් ලබාදීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග එකඟතාවකට පැමිණි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ යාපනය දිස්ත්‍රික්කයේ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කයිට්ස්, කුරිකඩ්ඩුවාන් ජැටිය ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම නිල වශයෙන් ආරම්භ කරමින් පසුගියදා (04) කුරිකඩ්ඩුවාන් මංසන්ධියේ පැවති ජනහමුව අමතමින්.
එහිදි අමාත්‍යවරයා කියා සිටියේ, ඩෙල්ෆ්ට් ජනතාවටත් කොළඹ මිළටම ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි.
ඩෙල්ෆ්ට් දූපතේ ජෙනරේටරයට ඉන්ධන පහසුකම් ලබාදීමට පැය හතක කාලයක් ගත වෙන බවත් පිරවුම්හළ ආරම්භ කළ පසු විනාඩි හතලිස් පහකින් එයට ඉන්ධන පොම්ප කිරීමේ පහසුකම සැලසෙන බව සඳහන් කළා.
අදියර දෙකක් යටතේ ඛණිජතෙල් සැපයීම් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.