ශ්‍රි ලංකාවට ආයෝජන ගේන්න සූදානම් – ස්වීඩනය දැනුම් දෙයි

ශ්‍රී ලංකා – ස්වීඩන සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් තවත් ආයෝ­ජන ශ්‍රී ලංකා­වට ගෙන­ඒ­මට සූදා­නම් බව ස්වීඩ­නය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා රජයේ ස්ථිර­සාර හා අධි­ෂ්ඨා­න­ශීලී පිය­වර ස්වීඩ­නය විම­සි­ල්ලෙන් බලා සිටින බව ද තව තවත් ආයෝ­ජන ශ්‍රී ලංකා­වට රැගෙන ඒම වෙනු­වෙන් අදාළ ආය­තන සමඟ කට­යුතු කිරී­මට බලා­පො­රොත්තු වන බව ද ශ්‍රී ලංකාවේ ස්වීඩන තානා­පති ජෑන් තෙස්ලෙෆ් මහතා පව­සයි.

නව­දි­ල්ලියේ නේවා­සි­කව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානා­පති ජෑන් තෙස්ලෙෆ් මහතා විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යේදී විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා මුණ­ගැ­සුණු අව­ස්ථාවේ මේ බව සඳ­හන් කළේය.

තානා­ප­ති­ව­රයා සමඟ ස්වීඩන වෙළෙඳ හා ආයෝ­ජන කවු­න්සි­ලයේ නියෝ­ජිත පිරි­සක් ද ව්‍යාපා­රි­ක­යන් කිහිප දෙනෙකු ද එක්ව සිටි අතර ශ්‍රී ලංකා රජය ගත වූ වස­රක කාලයේ ලබා ඇති ප්‍රග­තිය තානා­ප­ති­ව­ර­යාට විස්තර කර දුන් ඇමැ­ති­ව­රයා, ආර්ථි­කයේ සෑම අංශ­යක්ම දියුණු වෙමින් පව­තින බවත්, අනා­ග­තය පිළි­බඳ සුබ­වාදී බලා­පො­රො­ත්තු­වෙන් රජය කට­යුතු කරන බවත් පැහැ­දිලි කළේය. ස්වීඩ­නය ශ්‍රී ලංකාවේ දියු­ණු­වට ඉති­හා­සය පුරා කර ඇති සේවය හා ව්‍යාපා­රික අංශයේ කර තිබෙන ආයෝ­ජන පිළි­බ­ඳව ද අගය කළේය.

සංචා­රක ව්‍යාපා­රය දියුණු කිරී­ම­ටත්, අලුත් ආයෝ­ජන අවස්ථා ස්වීඩන ව්‍යාපා­රි­ක­යන් මඟින් ඇති කිරී­ම­ටත් ස්වීඩන රජයේ සහාය ඉල්ලා සිටි විදේශ ඇමැ­ති­ව­රයා, ශ්‍රී ලංකාවේ ඇඟ­ලුම් කර්මා­න්තයේ සහ ඛනිජ හා කැණීම් කට­යු­තු­වල ආයෝ­ජන අවස්ථා රැසක් පව­තින බැවින් එම අවස්ථා කෙරෙහි ආයෝ­ජ­ක­යන් උනන්දු කරන ලෙස ද ඉල්ලා සිටි­යේය.

ශ්‍රී ලංකා රජයේ ස්ථිර­සාර හා අධි­ෂ්ඨා­න­ශීලී පිය­ව­ර­යන් ස්වීඩ­නය විම­සි­ල්ලෙන් බලා සිටින බවද තව තවත් ආයෝ­ජන ශ්‍රී ලංකා­වට රැගෙන ඒමට, අදාළ ආය­තන සමඟ කට­යුතු කිරී­මට බලා­පො­රොත්තු වන බවද මෙම හමුවේ දී තානා­ප­ති­ව­රයා දැනුම් දුන්නේ ය. ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩ­නය තුළ කෙත­රම් බහු­ලව පරි­භෝ­ජ­නය කරන්නේ ද යත් සෑම ගෘහ­ය­කම ශ්‍රී ලංකාවේ කුරුඳු යොදා­ග­නි­මින් ආහා­ර­පාන වර්ග සකස් කරන බැවින් ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩ­න­යට ආන­ය­නය කිරීම තව තවත් ඉහළ යා හැකි බවද ඒ මහතා සද­හන් කළේය.

දැනට වාර්ෂි­කව 14000ක් පමණ ස්වීඩන සංචා­ර­ක­යන් ශ්‍රී ලංකා­වට පැමි­ණෙන අතර දිව­යින තුළ පව­තින ස්වභාව සෞන්ද­ර්යය, ජෛව විවි­ධ­ත්වය හා ආක­ර්ෂ­ණීය වෙරළ තීරය ස්වීඩන ජන­තාව තව තවත් ඇද­ගනු ඇතැයි ද ප්‍රකාශ කළ තානා­ප­ති­ව­රයා, දැනට ස්වීඩ­නයේ සිට ශ්‍රී ලංකා­වට පැමි­ණීම සඳහා ඍජු ගුවන් ගමන් නොමැති වීම අඩු­පා­ඩු­වක් බවත් ඒ පිළි­බ­ඳව සොයා බලන ලෙසත් ඉල්ලා සිටි­යේය.

ස්වීඩ­නයේ නිෂ්පා­ද­නය කරන විදුලි බල­යෙන් ක්‍රියා කරන මගීන් ගෙන­යන බෝට්ටු සංචා­රක ව්‍යාපා­රය සඳහා නොයෙක් රට­වල භාවිත කරන අතර එම බෝට්ටු භාවි­තය පිළි­බ­ඳව හා සංචා­රක ප්‍රවා­හ­න­යට යොදා­ගන්නා ආකා­රය පිළි­බ­ඳව වීඩි­යෝ­වක් ද ඇමැ­ති­ව­රයා වෙත ඉදි­රි­පත් කළේය. මෙම බෝට්ටු නිෂ්පා­දන සමා­ගම ශ්‍රී ලාංකික සමා­ග­මක් සමඟ එක්ව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආයෝ­ජන කිරී­මට සාකච්ඡා පව­ත්ව­මින් යන බවද තානා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යා­වන් උසස් අධ්‍යා­ප­නය ලබා ගැනීම සඳහා ස්වීඩන විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට බහු­ලව යොමු­වන බවත් එය ඉදි­රියේ දී විශාල වශ­යෙන් වර්ධ­නය කිරී­මට ස්වීඩන රජය කට­යුතු කිරී­මට බලා­පො­රොත්තු වන බව ද තානා­ප­ති­ව­රයා දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *