ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් වෙළදපොලෙන් ඉවත් කිරිමට අවධානය

ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට ද වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

දැනට නොමිලේ ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කර ෂොපින් බෑග් පරිසරයට මුදාහැරීම අවම කිරීමේ වැඩසටහනට අමාත්‍යාංශය යොමු වී ඇති බවත් ඉන් අනතුරුව ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් නතර කිරීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශය භාර ඇමැති වසන්ත සමරසිංහ මහතා ‘දිවයින’ ට පැවසීය. දිනකට ෂොපින් බෑග් මිලියන 26ක් භාවිතයට ගැනෙන බවද ඒ මහතා කීය.

මේ වනවිට පාසල් දරුවන් ඇතුළු දරුවන් සඳහා සෞඛ්‍යාරක්ෂිත වතුර බෝතල් ආදී ප්ලාස්ටික් නිෂ්පාදනයන් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා නිෂ්පාදකයන්ට අවශ්‍ය කාලයක් (අප්‍රේල් 01) ලබාදී ඇති බවත් කී ඇමතිවරයා එම කාලය තුළ එවැනි නිෂ්පාදන සිදුකරන අයට තම නිෂ්පාදන කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරීමට අවශ්‍ය උපකරණ සම්පාදනය කරගත හැකි බවද තවදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *