කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින්ගේ පැමිණීම හා පිටවීම සලකුණු කිරිම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. 

සෑම අංශයක්ම ආවරණය වන පරිදි ඒ සඳහා ඇගිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කළ බවයි තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ. 

ඒ අනුව, ඉදිරියේදී එහි සටහන් වන දත්ත මත අතිකාල ගණනය කිරීම් සිදු කරන බවද, සියලු පාලන කාර්යාලවලද මේ වනවිට ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කර ඇති බවද තැපැල්පතිවරයා සඳහන් කර සිටියා. 

මීට අමතරව, තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු පළාත් කාර්යාල, හා තැපැල් කාර්යාලවලද ඇඟිලි සලකුණු යන්ත්‍ර පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *