ශ්‍රි ලංකාවේ ප්‍රථම මෙට්‍රෝ බස් සමාගම අද ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් පිහිටුවන ලද නව ආයතනයක් වන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (Lanka Metro Transit (Pvt) Ltd) අද (ඔක්තෝබර් 08) දින නිල වශයෙන් සිය පරිපාලන මෙහෙයුම් ආරම්භ කළේය.

නාගරික ප්‍රවාහන සේවා ආයතනයක් ලෙස ස්ථාපිත කර ඇති ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම, අනුකලිත (integrated) සහ බහුවිධ (multimodal) ප්‍රවාහන විසඳුම් ඔස්සේ ප්‍රධාන නගර කොරිඩෝරයන් හරහා පොදු සංචරණ පද්ධතිය විධිමත් කර නවීකරණය කිරීමට අපේක්ෂා කරයි.

නිලධාරීන් පවසන පරිදි, සමාගම සිය ප්‍රවාහන මෙහෙයුම් ලබන වසරේ මැද භාගය වන විට ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මෙහෙයුම් රාමු (operational frameworks) මේ වන විට අවසන් කරමින් පවතී.

මෙම නව ආයතනය හරහා, ශ්‍රී ලංකාවේ කාර්යබහුල නාගරික ප්‍රදේශවල මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ පහසු ප්‍රවාහන අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *