පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන පලවන පුවත් අසත්‍යයි – ශ්‍රි ලංකා පොලිසිය නිවේදනය කරයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍යයක් බව පොලීසිය පවසනවා. 

ඒ අනුව, 2025.10.08 වැනි දින රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට තමා කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සඳහන් කර තිබෙන්නේ. 

මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව වැඩිදුරටත් සඳහන්. 

අදාළ නිවේදනය පහතින්. 

image 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *