වතුර බෝතලයට රුපි­යල් 20ක් වැඩියෙන් ගත් කොළඹ ප්‍රසිද්ධ බේක­රි­යකට ලක්ෂ හයක දඩයක්

බීම වර්ග පිළි­බඳ ප්‍රකට සන්නා­ම­යක් දරන ආය­ත­න­යක මිලි­ලී­ටර් 500ක පානීය ජල බෝත­ල­යක් එහි පාලන මිල වන රුපි­යල් 70ක මිල ඉක්මවා රුපි­යල් 90ක මිල­කට අලෙවි කිරීමේ වර­දට කොළඹ ප්‍රසිද්ධ බේක­රි­ය­කට රුපි­යල් ලක්ෂ හයක දඩ මුද­ලක් නියම කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒක­කය පව­සයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහ­තාගේ නියෝග පරිදි 2025/04/24 වැනි දින පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ නාරා­හේ­න්පිට දිස්ත්‍රික් කාර්යා­ලයේ විම­ර්ශන නිල­ධා­රීන් විසින් මේ වැට­ලීම සිදු­ක­රන ලද අතර එහිදී පානීය ජල බෝතල් රුපි­යල් 90ක මිල­කට අලෙවි කරන ලද බව අනා­ව­ර­ණය කර ගන්නා ලදි. මේ සඳහා 2025 අගෝස්තු මස 28 වැනි දින අංක පහ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු­වක් ගොනු­ක­රනු ලැබූ බව කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒක­කය සඳ­හන් ක‍ළේය. එදින මෙහි විත්ති­කරු වන අදාළ පෞද්ග­ලික සමා­ගම වරද පිළි­නො­ගත් බැවින් ඊයේ(09)දිනට නඩුව කල් තැබිණි.

ඊයේ (09) විවෘත අධි­ක­ර­ණයේ නඩුව කැඳවූ අව­ස්ථාවේ පානීය ජල බෝතල් පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කළ බව අදාළ සමා­ගම විසින් වරද පිළි­ගන්නා ලදි. මේ වරද සඳහා 2021 අංක 20 පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය (සංශෝ­ධිත) පනත අනුව අව­මය ලක්ෂ පහේ සිට උප­රි­මය ලක්ෂ පන­හක් දක්වා දඩ නියම කළ හැකි බව පාරි­භෝ­ගික අධි­කා­රිය වෙනු­වෙන් කරුණු දක්වා සිටි විම­ර්ශන නිල­ධාරී අධි­ක­ර­ණය හමුවේ දන්වා සිටි­යේය.

එම කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය ඉහත වර­දට රුපි­යල් ලක්ෂ හයක දඩ මුද­ලක් නියම කරනු ලැබූ අතර එම සම්පූර්ණ දඩ මුදල ඊයේ දින­යේම ගෙවා නිම කරන බව අදාළ සමා­ගම අධි­ක­ර­ණය හමුවේ දන්වා සිටි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාධ්‍ය ඒක­කය සඳ­හන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *