රිවස්ටන් කුළුණ ලඟ පරිසරයට හිතකර රථ ගාලක් ඉදි කිරීම අරඹයි

මාතලේ රිවස්ටන් සංචාරක කලාපයේ රිවස්ටන් කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේ  පරිසර හිතකාමී රථ ගාලක් ඉදිකිරීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් වෙළෙද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව රුපියල් මිලියන  4ක් මේ සදහා වැය කිරීමට නියමිතය. 

සති අන්තයේ දිනවල දෙස් විදෙස් සංචාරකයින්  රැසක් මෙම  ස්ථානයට පැමිණිම නිසා   ඇතිවන අධික වාහන තදබදයට පිළියමක් වශයෙන් හා මෙම ස්ථානයේ පස සේදීයාම වලක්වා ගැනීමේ අරමුණින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්දේසි හා නියාමනයන්ට යටත්ව වාහන ගාල් කිර‍ිම සදහා ස්ථානයක් සකස් කිරීම මෙහි දී සිදුකෙරේ.

මෙම ව්‍යාපෘතියට සමගාමිව මෙම ස්ථානයේ ඇති ටිකට් කවුන්ටරය හා  පිවිසුම් ගේට්ටුව අලුත් වැඩියා කිරීමට ද නියමිතය.

 මෙම ස්ථානයේ සමස්ත සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10ක මුදලක්  වැය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *